FAST NEWS

24×7 Around the Globe

ලෝක ප්‍රසිද්ධ ජස්ටින් ටිම්බර්ලේක්ගේ ජීවිත කතාව ග්‍රන්ථයකට නැගෙයි…

හොලිවුඩයේ අති දක්ෂ රංගන ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු වන ජස්ටින් ටිම්බර්ලේක් තම ජීවිතයේ විශේෂ සිදුවීමක් අලලා ‘Hindsight: And All the things I can’t see in Front of me’ නමින් ග්‍රන්ථයක් ලියා ප්‍රකාශයකට පත් කර තිබේ.
ටිම්බර්ලේක් විසින් රචිත, ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් විසින් ගැයූ ගීතයක් වන ‘Cry me a River’ ගීතය තම ජීවිතයේ අමතක නොවන නිර්මාණයක් බවත් ඊට හේතුව වන්නේ බ්‍රිට්නි සහ ටිම්බර්ලේක්ගේ ආදර සම්බන්ධය නිසා බවත් ඔහු එම ග්‍රන්ථය හරහා සදහන්කර ඇත.
මොවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය 1998 වර්ෂයේදී ආරම්භ වී ඇති අතර පසුව 2002 වසරේදී මොවුන් දෙදෙනා වෙන්වී ඇත.
ටිම්බර්ලේක්ගේ බිරිඳ වන ජනප්‍රිය නිළි ජෙසිකාගේ පෙම් කතාව මෙන්ම ඔහුගේ විවාහ දිවියේ තොරතුරු රැසක්ද මෙම ග්‍රන්ථයෙන් හුවා දක්වා ඇත.
ඊට අමතරව ඔහුගේ ජීවිතයේ විශේෂ සිදුවීම් මෙම ග්‍රන්ථයෙන් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.