FAST NEWS

24×7 Around the Globe

ස්මීත්ගේ,වොනර්ගේ හා කැමරන්ගේ තහනම තවදුරටත්..

ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්, ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ කැමරොන් බැන්ක්‍රොෆ්ට පනවා ඇති තරග තහනම ලිහිල් නොකරන බව එරට ක්‍රිකට් ආයතනය ඊයේ (20) නිවේදනය කළේය.
2017 මාර්තු මාසයේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට හසුවීමෙන් වසරක තරග තහනමට ලක්වූ ස්මිත්ගේ සහ වෝනර්ගේ තහනමත්, මාස 09ක තරග තහනමට ලක්වූ බැන්ක්‍රොෆ්ගේ තරග තහනමත් ලිහිල් කරන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එම ආයතනය මෙම නිවේදනය කළේය.
ලබන මාසය වනවිට ඔවුන්ගේ තරග තහනමෙන් මාස 09 ක්ම සම්පූර්ණ වීමට නියමිත බැවින් දඬුවම ලිහිල් කළ යුතු බවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය එරට ක්‍රිකට් ආයතනයට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටියේය.
කෙසේ වෙතත් දඬුවම සම්පූර්ණ කරමින් ඉහත කී ක්‍රීඩකයන් තිදෙනාගෙන් බැන්ක්‍රොෆ්ගේ තහනම දෙසැම්බර් මස 29 වැනිදායින් නිමාවට පත්වනු ඇති බවත්, ස්මිත්ගේ සහ වෝනර්ගේ තරග තහනම ලබන වසරේ මාර්තු මාසයේ 29 වැනිදා නිමාවනු ඇති බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියේය.