FAST NEWS

24×7 Around the Globe

‘Bohemian Rhapsody’ දැන් colombo city center පරිශ්‍රයේ…

 

‘Bohemian Rhapsody’ නම් අති ජනප්‍රිය චිත්‍රපටය මේ වනවිට colombo city center පරිශ්‍රයේ ඇති scope සිනමා සංකීර්ණයේ ප්‍රදර්ශනය කෙරෙයි.
බ්‍රයන් සිගර් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා යි.
මෙම සුපිරි සිනමා පටය Queen නම් වූ ජනප්‍රිය බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් හා එහි Freddie Mercury නම් අතිදක්ෂ හා ඉතාම ජනප්‍රිය රොක් ගායකයෙකු වටා ගෙතී ඇත.
Freddie මූලිකත්වයෙන් තම සගයන් හා එක්ව ‘Queen’ සංගීත කණ්ඩායම එවකට ලෝකයේ ඉහළම ස්ථානයක් හිමිකරගනිමින් සිටියදී අවාසනාවකට මෙන් Freddie දරුණු ‘Aids’රෝගයෙන් පසුවන බව ඔවුන්ට අනාවරණය වෙයි.
ඉන් පසුව ඇතිවන තත්ත්වය හමුවේ ‘Queen’ සංගීත කණ්ඩායම මුහුණදෙන ආකාරය හා ඒ හා වටා ගෙතුණු කතා දාමය මෙහි අන්තර්ගතව ඇත.