FAST NEWS

24×7 Around the Globe

කීර්ති පැස්කුවෙල්ගෙන් ලංකාවේ ප්‍රථම වරට 3D සහ 8D ගීතයක්….

ශ්‍රී ලංකාවේ අති ප්‍රවීණ ගායකයෙක් වන කීර්ති පැස්කුවෙල් මහතා විසින් ලංකාවේ පළමු වරට 3D සහ 8D තාක්ෂණයෙන් ගීතයක් එළිදැක්වීමට සූදානමින් සිටියි.
මෙම මස 16 වැනිදා සවස 6.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී මෙම ගීතය එළිදැක්වීමට කටයුතු සූදානම්කර ඇත.
පැස්කුවෙල් මහතා තමන්ගේ ගීතය සම්බන්ධව අදහස් දක්වමින් කියා සිටින්නේ අසභ්‍ය දර්ශන නැති, සිංදුව මැදින් යන ආදර කතා නැති බොහොම සරල දර්ශනීය වීඩියෝ රූපරාමු පෙලක් මෙහි අඩංගුව තිබීම විශේෂත්වයක් බවයි.
නව පරපුරට ආදර්ශයක් දෙන්නට ගන්නා මේ උත්සාහය ගැන 16 දාට පසු ඔබේ අදහස් මා වෙත දන්වන්න ලෙසත් පැස්කුවල් මහතා රසිකයන්ගෙන් ඉල්ලා සිටී.
මෙම ගීතයේ රූපමය නිෂ්පාදනය සිදුකර තිබෙන්නේ 360 නිෂ්පාදන කණ්ඩායම විසින්.