FAST NEWS

24×7 Around the Globe

වීර චරිත රැසක් මැවූ ස්ටෑන් ලී දිවියට සමුදෙයි…

ඇමෙරිකානු ලේඛකයෙක් , හාසෝත්පාදක කාටූන් ග්‍රන්ථ රචකයෙකු ද මෙන්ම මාවෙල් කොමික්ස්හි හිටපු සභාපති ස්ටෑන් ලී ඊයේ (12) ලොස් ඇන්ජලීස් නුවරදී තම ජීවිත ගමනට සමු දුන්නේය.
වයස අවුරුදු 95 ක් ආයු වැළදූ ස්ටෑන් ලී 1961 වසරේදී නිර්මාණකරණයට පිවිසුණේ ෆැන්ටෑස්ටික් – ෆෝ රචනා කරමින්ය.
ස්පයිඩර් – මෑන්, ඉන්ක්‍රෙඩිබල් හල්ක්, බ්ලැක් පැන්තර් ඇතුළු බටහිර රිදී තිරයේ වීර චරිත නිර්මාණය කරමින් ඔහු ලොව පුරා රසික රසිකාවියන්ගේ ජනාදරයට පත්විය.
අවුරුදු 18 සිටම චිත්‍ර කතා සංස්කරණය කිරීමට ඔහු පෙළඹී ඇත්තේ ලී සතුව තිබූ සහජ කුසලතාවයටම විය හැක.
ඇමරිකානු සිනමාවේ පළමු කළු ජාතික වීර චරිතය ලෙස බ්ලැක් පැන්තර් නිර්මාණය කළ ස්ටෑන් – ලී, ලොවක් වසගයට ගත් එක්ස් මෙන්, අයන් මෑන් සහ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් යන චරිත ද නිර්මාණය කළේය.