FAST NEWS

24×7 Around the Globe

සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් දීපිකා නැවතත් කරළියට…

දීපිකා පදුකෝන් මේ දිනවල තමන්ගේ විවාහයට සූදානම් වනවාට අමතරව නවතම සිනමාපටයටත් සූදානම් වන බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.
සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් මෙම නවතම සිනමා පටය නිර්මාණය වෙයි.
2005 වසරේදී වයස අවුරුදු 15 ක් වූ ලක්ෂ්මි අගර්වාල් වෙත එල්ල කෙරුණු ඇසිඩ් ප්‍රහාරය පාදක කොට ගෙන මෙම චිත්‍රපටය දිග හැරෙනු ඇත.
මේ වනවිට 28 හැවිරිදි වියේ පසුවන ලක්ෂ්මී අගර්වාල් ඇසිඩ් ප්‍රහාර වැළැක්වීම වෙනුවෙන් දැනුවත් කරන්නියක සහ ඇසිඩ් ප්‍රහාරවලට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙසින් කටයුතු කරයි.
දීපිකා පදුකෝන් මෙම චිත්‍රපටය හරහා නිෂ්පාදනය සදහා ද දායකත්වය සපයමින් තමන්ගේ ජීවිතයේ තවත් සංධිස්ථානයකට පියවර තබයි.