FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකා හා නික්ගේ විවාහය දෙසැම්බරයට කල් යයි…

බොලිවුඩය වගේම හොලිවුඩයද මේ වනවිට ජයගෙන ඇති සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රාගේ විවාහය දෙසැම්බර් මාසයට කල් ගොස් ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.
භාරගත් චිත්‍රපට කීහිපයක රූපගත කිරිම් නිසා කාර්යබහුල වී ඇති නිසා ප්‍රියංකාගේ විවාහය මෙසේ කල්ගත වීමට හේතුවී ඇත.
ප්‍රියංකාගේ අතිනත ගැනීමට සිටින හොලිවුඩ් ගායක නික්ද ප්‍රසංග කිහිපයක් සඳහා මේ වනවිට කාර්යබහුල වී ඇති අතර, සිය විවාහය සඳහා ඉඩක් වෙන් කර ගැනීමට මේ වන විට නොහැකි වී තිබේ.
මොවුන් දෙපළගේ විවාහ උත්සවය රාජස්ථාන්හි මෙහෙරාගර්හි විවාහය පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇත.
ප්‍රියංකා හා නික්ගේ විවාහ ගිවිස ගැනීම පසුගිය අගෝස්තු මාසයේදී මුම්බායිහිදී පවුලේ උදවියගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලැබීය.