FAST NEWS

24×7 Around the Globe

මුශ්ටාක් අහමඩ් කොදෙව්වන්ට එක් වෙයි..

පාකිස්ථාන ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණූකරු ලෙස සේවය කල පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නෙකු වන මුශ්ටාක් අහමඩ්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ පන්දු යැවීමේ උපදේශකවරයෙකු වශයෙන් පත් කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.
කොදෙව් කණ්ඩායමේ මෙවර ඉන්දීය සංචාරයේ සිට මුශ්ටාක් අහමඩ් සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිතව තිබුණද ,ඉන්දීය විසා ලබා ගැනීමේදී ඇති වු ගැටළුවක් මත එය කෙටි කලක් පමා වු බව මාධ්‍ය වාර්තා පැවසීය.
මුශ්ටාක් අහමඩ් පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරඟ 52 කට සහ එක් දින තරග 144 කට සහභාගී වී ඇති අතර එහිදි පිළිවෙලින් කඩුළු 185 ක් හා 161 ක් දවා ගෙන තිබේ.