FAST NEWS

24×7 Around the Globe

රජිණිකාන්ත්ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය ‘පෙට්ටා’…

දමිළ සිනමාවේ රජු ලෙස සැලකෙන රජිණිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය වූ ‘පෙට්ටා’ හි රූපගත කිරීම් පසුගියදා දකුණු ඉන්දියාවේ ප්‍රදේශයක ආරම්භ කර ඇති අතර එය ක්‍රියාදාම චිත්‍රපටයක් ආකාරයට දිගහැරෙනු ඇත.
කාර්තික් සුබ්රාජ්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය රජිණිකාන්ත් සමගින් ප්‍රධාන නිළි චරිතයට පණ පොවනු ලබන්නේ ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි ත්‍රිශා ක්‍රිෂ්ණන්ය.
මෙම චිත්‍රපටය ලබන වසරේ මැද භාගයේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිත බවත් ලැබුණු වර්තාවල සදහන් වේ.