FAST NEWS

24×7 Around the Globe

‘ජොනී ඉංග්ලිෂ් ස්ට‍්‍රයික් අගේන්’ තිරගත වෙයි..(වීඩියෝ)

ජනපි‍්‍රය ප‍්‍රහසන නළු රෝවන් ඇට්කින්ස්, බි‍්‍රතාන්‍ය රහස් නිලධාරී ‘ජොනී ඉංග්ලිෂ්’ ලෙස චරිත නිරූපණය කරන ‘ජොනී ඉංග්ලිෂ්’ චිත්‍රපට මාලාවේ තෙවැන්න වන ‘ජොනී ඉංග්ලිෂ් ස්ට‍්‍රයික් අගේන්’ චිත‍්‍රපටය ලොව පුරා තිරගතවීම් ආරම්භ කර ඇත.
සයිබර් ප‍්‍රහාරයක් සමඟ පරිගණක හැකර්වරයකු බි‍්‍රතන්‍ය රහස් නිලධාරීන්ගේ සැමගේ තොරතුරු ප‍්‍රසිද්ධියට පත් කරයි. ඉතිරි වන්නේ විශ‍්‍රාම ගොස් පාසල ඉගැන්වීම් කරන ජොනී ඉංග්ලිෂ් පමණක් වන අතර මහා බි‍්‍රතාන්‍යය වෙනුවෙන් යළි කි‍්‍රයාංවිතයට එක්වෙමින්, නවීන තාක්ෂණය සමඟ හැප්පෙමින්, එම දක්ෂ පරිගණක හැකර් සොයා අල්ලා ගැනීම ජොනී ඉංග්ලිෂ්ට පැවැරෙන මෙහෙයුම සම්බන්ධයෙන් ‘ජොනී ඉංග්ලිෂ් ස්ට‍්‍රයික් අගේන්’ චිත්‍රපටයේ කතාව ලෙස දිග හැරෙයි.
එමා තොම්ප්සන්, ඔල්ගා කුර්යාලෙන්කෝ, ජේක් ලේසි ආදී නළු නිළියෝ රැුසක් ‘ජොනී ඉංග්ලිෂ් ස්ට‍්‍රයික් අගේන්’ චිත‍්‍රපටයට එක් වී සිටිති.