FAST NEWS

24×7 Around the Globe

කොලිවුඩ් සිනමාවේ නවතම චිත්‍රපටය ‘U Turn’..

කොලිවුඩ් සිනමාවේ නවතම චිත්‍රපටයක් වන ‘U Turn’ චිත්‍රපටයේ ප්‍රචාරක වීඩියෝ පටය පසුගිය 17 වැනිදා එළිදැක්විය.
සුපිරි දමිළ චිත්‍රපට අධ්‍යක්ෂ පවන් කුමාර්ගේ චිත්‍රපයටක් වන මෙම සිනමා පටය සදහා ප්‍රවීන රංගන ශිල්පිනියක වන සමන්තා අකිනෙනී ප්‍රධාන රංගයෙන් දායක වන අතර ආධි පිනෙස්ටි, රාහුල් රවීන්ද්‍රන් සහ භූමිකා චවුලාය යන නළු නිළියන් ද දායකත්වය සපයනු ලබයි.
මෙරටදී EAP මණ්ඩලයට අයත් සිනමා ශාලාවලදී එම චිත්‍රපටය තිරගත කිරීමට නියමිතය.
මෙම චිත්‍රපටය තෙළිඟු සහ දමිළ භාෂාවලින් නිර්මාණය කර තිබේ.