FAST NEWS

24×7 Around the Globe

“ගෝල්” ආදායම සති 03 ක් ඇතුළත ලක්ෂ 300 යි..

2018 වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් කෙටිම කාලයක් තුළ සී ඊ එල් මණ්ඩලයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට “ගෝල්” පත්ව ඇත.
සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ එම් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කළ ගෝල් චිත්‍රපටය පළමු සති තුන ඇතුළත රුපියල් ලක්ෂ 300ක පමණ ආදායමක් උපයා ඇති බව වාර්තා වෙයි.
මෙම චිත්‍රපටයෙන් ලැබුණු ආදායම දෙවැනි වන්නේ ධර්ම යුද්ධය චිත්‍රපටයට පමණක් බව ද වාර්තා වේ.
රොහාන් පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වන ගෝල් සිනමා පටය මේ වන විට දිවයින පුරා සී ඊ එල් මණ්ඩලයේ සිනමා ශාලා 65 ක පමණ තිරගත වේ.