FAST NEWS

24×7 Around the Globe

සල්මන් ඛාන්ගෙන් චිත්‍රපට 04 ක්..

බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් රංගනයෙන් දායකත්වය ලබාදුන් චිත්‍රපට 04 ක් ඉදිරි වසර දෙක තුළදී ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත.
එම චිත්‍රපට අතරින් මුලින්ම තිරගත වීමට නියමිතව ඇත්තේ මේ දිනවල රූපගත කෙරෙන අබ්බාස් අලී සෆර්ගේ ‘භාරත්’ චිත්‍රපටයයි. ඉන් පසුව ප්‍රභුදේවාගේ ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්‍රපටයද තිරගත වෙන අතර, ‘භාරත්’ හා ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්‍රපටය 2019 වසරේදි ප්‍රදර්ශනය වීමට නියමිතය.
‘කික්’ දෙවැනි චිත්‍රපටය 2020 වසරේදි ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති අතර, ඉදිරියේදී රූපගත කෙරෙන සංජය ලීලා බන්සාලිගේ අලුත්ම චිත්‍රපටයද 2020 වසරේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.