FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානය පරදා ඉන්දීයාව කඩුළු 08 ක ජයක් ලබයි..

ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඊයේ (19) පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම පරදවා කඩුලු 08ක ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.
කාසියේ වාසිය දිනා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 43යි එක් පන්දුවක් තුළ දී සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 162ක් ලබාගත්තේය.
ඒ අනුව ලකුණු 163 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දු වාර 29 කදී කඩුලු 02 ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
ඉන්දීය ඉනිම වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 52ක් සහ ශිකර් දවාන් ලකුණු 46ක් ලබාගත්තේය.A