FAST NEWS

24×7 Around the Globe

හොලිවුඩයේ ‘ද නන්’ නිසා බොලිවුඩයේ චිත්‍රපට අසාර්ථක වෙයි..

පසුගියදා ‘ද නන්’ හොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය වීමත් සමග ඉන්දීය චිත්‍රපට රැසක් මේ වනවිට අසාර්ථක ලැයිස්තුවට එක්ව තිබෙන බව බොලිවුඩ් වාර්තා සදහන් කරයි.
‘ද නන්’ පසුගිය සැප්තැම්බර් 07 වැනිදා ප්‍රදර්ශනය ඇරඹූ අතර පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 08 ක මුදලක් උපයා ගැනීමට සමත් විය.
එදිනම ‘පැල්ටන්’, ‘ලයිලා මජ්නු’ හා ‘ගාලි ගුලියාන්’යන චිත්‍රපට තිරගත වී ඇති අතර ‘ද නන්’ හේතුවෙන් මෙම චිත්‍රපට අසාර්ථක වී ඇති බව විචාරකයන් පවසයි.