FAST NEWS

24×7 Around the Globe

සල්මන් ඛාන් කත්‍රිනා සමග විවාහ ගිවිස ගනියි?

බොලිවුඩයේ සුපිරි නළු නිළි යුවළක් වන කත්‍රිනා කායිෆ් හා සල්මාන් ඛාන් විවාහ ගිවිසගෙන තිබෙන බව බොලිවුඩයේ නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.
සල්මාන්ගේ මව වන සලීමා ඛාන් කත්‍රිනා සමගින් පෙනී සිටි ඡායාරූපයක් මේ වනවිට සමාජ ජාල වලද ව්‍යාප්ත වී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ කත්‍රිනා මංගල ඇඳුමකින් පෙනී සිටීම බවත් සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම ඡායාරූපය අන්තර්ජාලයට නිකුත් වීමත් සමග නිල නොලත් ඇතැම් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ සල්මාන් හා කත්‍රිනා දෙදෙනා පසුගියදා විවාහ ගිවිස ගෙන ඇති බවය.
එසේම සල්මාන්ගේ නැඟණිය අර්ෆිතා ඛාන් සිය ‘ට්විටර්’ ගිණුම තුළ සටහනක් “Saas Bahu goals!” ලෙස සටහනක්ද තබා තිබීම මෙම පුවත පිළිබදව සහතිකයක් තබමිනි.