FAST NEWS

24×7 Around the Globe

මිෂන් ඉම්පොසිබල් ආදායම් අතරින් ඉහළටම..

2018 වසරේ මේ දක්වා ගෙවී ගිය කාලයේ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් උපයාත් චිත්‍රපට 10 අතරට එක්වීමට ටොම් කෘස්ගේ ‘මිෂන් ඉම්පොසිබල් ෆේල් අවුට්’ චිත්‍රපටය සමත්ව ඇත.
විශාල ආදායමක් චිත්‍රපටය තිරගත වූ මුල් කාලයේදී මෙම චිත්‍රපටයට උපයා ගන්නට නොහැකි වූ අතර, පසුව එය පසුගිය සති අන්තයේදී චීනයේ ප්‍රදර්ශනය කර ඇත.
මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 539ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇති මිෂන් ඉම්ෆොසිබල් ෆේල් අවුට් වැඩිම ආදායමක් උපයා ඇති හොලිවුඩ් චිත්‍රපට අතර 10 වැනි තැනට පත්ව තිබේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 178ක් වැය කරමින් නිර්මාණය කරනු ලැබු මෙය දැනට තිරගත වී ඇති ‘මිෂන් ඉම්ෆොසිබල්’ චිත්‍රපට අතරින් වැඩි ආදායමක් උපයාගත් දෙවැනි චිත්‍රපටයද වේ.