FAST NEWS

24×7 Around the Globe

30 වන මහවැලි ක්‍රීඩා උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්…

30 වන මහවැලි ක්‍රීඩා උලෙළේ ගිනි සිළුව රැගත් රථ පෙරහැර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ‍්‍රය අසලින් ආරම්භ කරනු ලැබීය.
වාර්ෂිකව සංවිධාන කෙරෙන මහවැලි ක්‍රීඩා උලෙළ සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
මෙවර ක්‍රීඩා උළෙලට මහවැලි කලාප 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 ක් පමණ එක්වීමට නියමිතයි.
සර්ව ආගමික ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගිනි සිළුව දල්වනු ලැබීමෙන් අනතුරුව 30 වැනි මහවැලි ක‍්‍රීඩා උලෙළේ ගිනිසිළුව රැගත් චාරිකාව නිල වශයෙන් ආරම්භ කෙරිණි.