FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකා සහ නික්ගේ විවාහ උත්සවය හවායි දූපත්වල..

බොලිවුඩයේ සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සහ හොලිවුඩ් ගායක නික් ජොනාස්ගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා මුම්බායිහි පිහිටි ප්‍රියංකාගේ නිවසේදී පැවැත්විය.
ඒ අනුව ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය හවායි දූපත්වලදී පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබෙන බවත් හොලිවුඩ් පුරවරයෙන් වාර්තා වේ.
නික් ජොනාස් හවායි දූපත්වලට වඩාත් ප්‍රියකරන බැවින් මෙවැනි ස්ථානයක විවාහ උත්සවය පැවැත්වීමට තීරණය කර ඇති බව මනාළ යුවල පවසයි.
හින්දු චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් ප්‍රියංකා – නික් විවාහ ගිවිස ගත්තද ඔවුන්ගේ මංගල්‍යය ‘බීච් වෙඩින්’ එකක් බවට පත්වීමට ඉඩ ඇතැයිද වාර්තා වේ.
නමුත් ප්‍රියංකා සහ නික්ගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන දිනය ගැන නම් තවමත් නිශ්චිතවම තීරණයක් ගෙන නොමැත.