FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීන සිනමා නළු ලින්ටන් සේමගේට ජාත්‍යන්තර සම්මානයක්..

සම්මානනීය රංගන ශිල්පියෙකු වන ලින්ටන් සේමගේ හට හොඳම අධ්‍යක්ෂණයට හිමි ජාත්‍යන්තර සම්මානයක් හිමිවී ඇත.
සේමගේ මහතා අධ්‍යක්ෂණය කළ “යූ“ සිනමාපටය සඳහා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වූ ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම්මේකර් ෂෝකේස් සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඔහුට හිමි විය.
මෙරට තිරගත වූ පාදඩයා, මගේ වම් අත , මී හරකා වැනි සිනමා නිර්මාණ සඳහා ඔහු සිය දායකත්වය ලබා දුන්නේය.
මෙම සිනමා නිර්මාණ වලින් අනතුරුව ඔහු විදෙස් ගතවිය.
තුවක්කු භාවිතයෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය නිසා පීඩාවට පත්වන දරුවන් පිළිබඳව “යූ“ චිත්‍රපටය ඔස්සේ දිගහැරී තිබේ.

Image result for linton semage films

Image result for linton semage films