FAST NEWS

24×7 Around the Globe

“ඇලඩින් සහ පුදුම පහන” ලබන 26 දා සිට දිවයින පුරා…

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සුමිත් කුමාර විසින් අධ්‍යක්ෂණය කරන ලද “ඇලඩින් සහ පුදුම පහන” සිනමාපටය මෙම මස 26 වැනිදා සිට එම්.පී.අයි. සහ එල්.එෆ්.ඩී. මණ්ඩලවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
අරාබි නිසොල්ලාසයේ එන කතාවක් ඇසුරෙන් නිර්මාණය වී ඇති මෙම කතාංගය ප්‍රසාද් විජේසූරියගේ නිෂ්පාදනයකි.
ප්‍රධාන චරිතය සදහා ධනංජය සිරිවර්ධන ද, උදාරි වර්ණකුලසූරිය, අශිකා මතසිංහ, ඩී. බී. ගංගොඩතැන්න, දිල්හාරා රාජපක්ෂ, නිමල් පල්ලෙවත්ත, සේනක ටයිටස්, නෙතු ප්‍රියංගිකා, ප්‍රියන්ත මංසිළු, රෝහිත ඩයස්, රෝයි මැක්ලවුඩ්, දයාසිරි හෙට්ටිආරච්චි සමඟ බිංදු බෝතලේගම ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායකත්වය සපයා තිබේ.