FAST NEWS

24×7 Around the Globe

අති විශාල වියදමක් දැරූ චීනයේ ‘අසූරා’ සතියෙන් ඉවත් වෙයි..

අති දැවැන්ත වියදමක් දරමින් චීනයේදී නිෂ්පාදනය කෙරුණු ‘අසූරා’ චිත්‍රපටය සිනමා ශාලාවලට පැමිණ සතියක් ගතවීමටත් පෙර ඉන් ගැලවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීන යුවාන් මිලියන 750ක් වැය කරමින් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය තිරගතවීම ඇරඹී සතියක් ගත වනවිට උපයා තිබුණේ යුවාන් මිලියන 50 කටත් වඩා අඩු ආදායමක් බව සඳහන් වෙයි.
චීන මිත්‍යා කතාවක් තේමා කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.
කෙසේ වෙතත්, එහි නිෂ්පාදකයන් විසින් මෙම චිත්‍රපටය යළි ප්‍රතිනිර්මාණය කර නැවත ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත.
ඒ අනුව, දෙවැනි වටයේදී හෝ අසූරා චිත්‍රපටය සාර්ථකත්වයක් ලබානොගත්තොත් මෙය චීන චිත්‍රපට කර්මාන්තයේ දැවැන්ත පසුබැසීමක් පෙන්නුම් කරන අවස්ථාවක් විය හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.