FAST NEWS

24×7 Around the Globe

ප්‍රියාගේ ‘ඔරු ආදර් ලව්’ එළැඹෙන සැප්තැම්බරයේදී…

එක රැයකින් මුළු ලොවක් වසගයට ගත් ප්‍රියා ප්‍රකාශ්ගේ ඇස් නැටවිල්ලෙන් ලොවපුරාම ජනප්‍රිය වූ ඕමාර් ලුලුගේ ‘ඔරු ආදර් ලව්’ චිත්‍රපටය එළැඹෙන සැප්තැම්බර් මස 14 වැනිදා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
‘ඔරු ආදර් ලව්’ පසුගිය 07 වනදා ප්‍රදර්ශනය කරන්නට සූදානම් කර තිබුණ අතර, චිත්‍රපටයේ ඇතුලත් දර්ශන කිහිපයක් ඉවත් කරනන්ට සිදුවීම හේතුවෙන් මෙම චිත්‍රපටය මෙසේ කල්ගත කිරීමට සිදුව ඇත.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවනු ලබන ප්‍රියා ප්‍රකාශ් හා අබ්දුල් රාවුෆ් දෙදෙනා පෙනී සිටින විඩියෝ පට බොහෝ ප්‍රමාණයක් ‘යූටියුබ්’ වෙබ් අඩවිය හරහා ප්‍රචාරය වූ අතර මිලියනයක පමණ පිරිසක් ඒවා නරඹා ඇත.
කෙසේවෙතත් මොවුන් දෙපළගේ රසිකයන් සදහන් කර සිටින්නේ මෙම චිත්‍රපටය කල්යැවීම හේතුවෙන් ඔවුන් හට තිබෙන ප්‍රේක්ෂක උනන්දුව හා ආකර්ෂණය අඩුවනු ඇති බවයි.