බොලිවුඩ් සිනමාවේ එක් කාලයක ජනප්‍රියම තලයේ සිටි නිළියක් වන සොනාලි බෙන්ඩ්රේ ඉතාමත් කණගාටුකදායී තත්ත්වයකට පත්ව ඇත.
බෙන්ඩ්රේ විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන්කර සිටියේ තමන් මේ වන විට පිළිකා රෝගයකින් පෙළෙන බවත්, ඒ සදහා ඇමෙරිකාවේ සිට ප්‍රතිකාර ලබාගන්නා බවත්ය. 1994 වසරේ ඉන්දියානු සිනමාවට පිවිසි ඇය “Aag” චිත්‍රපටය ඔස්සේ රංගනයට පිවිසියේය. ඇගේ පළමු චිත්‍රපටය හේතුවෙන් සම්මාන දෙකක් හිමිකර ගැනීමට ඇය වාසනාවන්ත විය.
බොලිවුඩ් සිනමාවට මෙන්ම දමිළ, තෙලිඟු සිනමාවට දායක වීමටද ඇයට අවස්ථාව හිමිවූ අතර, ඇය අමීර් ඛාන්, අමිතාබ් භච්චන්, අජේ දේව්ගන් සහ ෂාරුක් ඛාන් සමග චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක විය.
බොලිවුඩ් සිනමාවට විශාල සේවයක් කරනු ලැබූ ඇය මේ වන විට පත්ව සිටින තත්ත්වය පිළිබඳව ඇයගේ රසිකයන් බොහෝ සේ කණගාටුව පළකර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
තමන්ගේ හිස කෙස් කපා දමා ප්‍රතිකාර ලබාගන්නා ඡායාරූපයක්ද ඇය සිය සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබිණ. වෛද්‍යවරු සඳහන් කරන්නේ ඇය පිළිකා අදියරේ දරුණුම තත්ත්වයේ සිටින බවයි.










