FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා තරග නොමිලේ නැරඹීමට පාසල් සිසුන්ට අවස්ථාව..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය නොමිලේ නැරඹීම සඳහා පාසල් සිසුන්ට සහ ක්‍රිකට් පුහුණු පාසල්වල ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ටෙස්ට් තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය ලබන 12 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවන තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේදී ලබන 20 වනදා ආරම්භ වනු ඇත.
ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටින්නේ තරඟ නැරඹීම සඳහා සහභාගී වන පාසල් සිසුන් පාසල් නිල ඇඳුමින් ක්‍රීඩාංගණය වෙත පැමිණිය යුතු අතර ක්‍රිකට් පුහුණු පාසල්වල සාමාජිකයින් සිය සාමාජිකත්වය සනාථ කර ක්‍රීඩාංගණ වෙත ඇතුළු විය හැකි බවයි.