FAST NEWS

24×7 Around the Globe

ලෝක ඉතිහාසයේ පනවන වැඩිම දඩය සකර්බර්ග්ට ගහයි..

ලෝක ඉතිහාසයේ මෙතෙක් පනවනු ලබන ඉහළම දඩය ප්‍රබල සමාජ ජාලයක් වන ෆේස්බුක් ආයතනය සදහා නියම කිරීමට සැළසුම් කර තිබේ.
බ්‍රිතාන්‍යය විසින් මෙම දඩය පනවනු ලබන අතර එම මුදල පවුම් ලක්ෂ 05ක් වේ.
බ්‍රිතාන්‍ය සමාගමක් වන කේම්බ්‍රිජ් ඇනලීටිකා ආයතනය විසින් ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන ගණනකගේ පෞද්ගලික දත්ත ලබාගෙන සිය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට ද චෝදනා එල්ල විය.
ලොව පුරා ෆේස්බුක් භාවිත කරන්නන්ගේ තොරතුරු පිටස්තර පුද්ගලයින් විසින් ලබාගැනීම පිළිබඳව ෆේස්බුක් ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙන්ද ප්‍රශ්න කිරීම් සිදුකෙරිණි.
තම ආයතනය තුළින් සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් සකර්බර්ග් තම කණගාටුව පළ කල අතර ෆේස්බුක් භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශව වලට ලබාගැනීම වලක්වාලීම සඳහා මෘදුකාංග හදුන්වාදීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර ඇත.
බ්‍රිතාන්‍යය විසින් ෆේස්බුක් ආයතනය සඳහා පැනවූ අදාළ දඩය තවදුරටත් අවම කිරීමට ඉඩකඩ තිබෙන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.