FAST NEWS

24×7 Around the Globe

තිළිණිට විරුද්ධව තවත් පැමිණිල්ලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තිලිණි ප්‍රියමාලිට රුපියල් කෝටි හතරහමාරකට ආසන්න මුදලක් ලබාදුන් මොරටුව ප්‍රදේශයේ තවත් ජංගම දුරකථන අලෙවිකරන ව්‍යාපාරිකයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබෙනවා.

මේ දක්වා අපරාධ පරික්ෂිණ දෙපාර්තමේන්තුව වෙත තිළිණි ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි 12 ක් ලැබී ඇති අතර, ඇය විසින් වංචා කර ඇති මුදල රුපියල් කෝටි 128 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ

මේ අතර නීතිවිරෝධී ක්‍රමවේදයක් හරහා සිදුකෙරුණු “ස්පෝර්ට් චේන්” නමින් හැඳින්වෙන මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් කෝටි 1400කට අධික බව අනාවරණ වී තිබෙනවා. දිවයින පුරා 8,000කට වැඩි පිරිසක් එම වංචාවට හසු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.