යුක්රේන හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් යුද පුහුණුවක්

යුක්රේන හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් යුද පුහුණුවක්

(ෆාස්ට් නිව්ස් |  ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු රජය විසින් යුක්රේන හමුදාව සදහා යුද පුහුණුව ලබා දෙන බවට වාර්තා වේ.

එමෙන්ම, මේ වසරේ පෙබරවාරි මාසයේ සිට යුද ආධාර ලෙස යුක්රේනයට ඩොලර් මිලියන 425ක් ද ලබා දී ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

තවද, ට්‍රක් රථ 30ක් ද යුක්රේන හමුදාව වෙත ලබා දීමට සුදානම් බව පැවසේ.

රුසියාව විසින් දිගින් දිගටම සිදුකල ආයුධ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර ලෙස මෙම යුද පුහුණුව ලබා දෙන බව වාර්තා වේ.