FAST NEWS

24×7 Around the Globe

සුරූපී නිළි කත්‍රිනා කඩවසම් නළු ආදිත්‍යව ප්‍රතික්ෂේප කරයි..

බොලිවුඩයේ සුපිරි සිනමා නිළි කත්‍රිනා කයිෆ් හා කඩවසම් නළු ආදිත්‍ය රෝයි කපූර් යොදා නිර්මාණය කරන්නට සැලසුම් කළ චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වීමට කත්‍රිනා කයිෆ් අකමැත්ත පළකර තිබෙන බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි.
ඇය පවසා සිටින්නේ අසාර්ථක නළුවෙකු සමගින් වැඩ කිරීමට තමාගේ සූදානමක් නොපවතින බවයි.
ආදිත්‍ය හා කත්‍රිනා යොදා 2015 වසරේදී ‘පීටෝර්’ චිත්‍රපටය නිර්මාණය කළ අතර, එය වියදම් කළ මුදල පවා සොයා ගැනීමට නොහැකිව අසාර්ථක වී ඇත.
ඉන් දරුණු අපකිර්තියක් කත්‍රිනාටද එල්ල විය. බොහෝ විට මෙම නිර්මාණය කරන්නට සැලසුම් කළ චිත්‍රපටය ඇය විසින් ප්‍රතික්ෂේප කරන්නට ඇත්තේද ඒ නිසා බව සඳහන් වේ.
කත්‍රිනා මේ සම්බන්ධව පවසා ඇත්තේ ආදිත්‍ය තමාගේ සමීපතම මිතුරෙකු වුවද ඔහු මෑත කාලයේ දායක වූ කිසිදු චිත්‍රපටයක් අති සාර්ථක නොවුණ බවය.