FAST NEWS

24×7 Around the Globe

2018 ලෝක නීතිය හා සාමය දර්ශකයේ ලොව ආරක්‍ෂිතම රට සිංගප්පූරුව..

2018 ලෝක නීතිය හා සාමය දර්ශකය අනුව ලොව ආරක්‍ෂිතම රට ලෙස සිංගප්පූරුව නම් කර ඇත. වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයන් 148000 ක්‌ සහභාගී කර ගෙන මෙම සමීක්‍ෂණය සිදු කර තිබේ.
මෙම සමීක්ෂණය ඇමරිකානු ආයතනයක්‌ මගින් රටවල් 142 ක ජනතාව සහභාගී කර ගෙන සිදුකර ඇති අතර
 ඒ රටවල ජීවන තත්ත්වය, ප්‍රතිපත්ති, නීතිරීති, ආරක්‍ෂාව, අපරාධ ප්‍රමාණය ආදිය මෙහිදී සැලකිල්ලට භාජනය කර තිබේ.  එහිදී මුල් ස්‌ථාන 10 දිනාගත් රටවල් පහත දැක්වේ.
1. සිංගප්පූරුව, 2. නෝර්වේ 3. අයිස්‌ලන්තය, 4.පින්ලන්තය 5. උස්‌බෙකිස්‌තානය 6. හොංකොං 7. ස්‌විට්‌සර්ලන්තය 8. කැනඩාව 9. ඉන්දුනීසියාව 10. ඩෙන්මාර්කය  එම රටවල් වේ.