FAST NEWS

24×7 Around the Globe

සරාගී පුනම් නිසා චිත්‍රපට අධක්ෂකට කෝටියක පාඩුවක්.

බොලිවුඩයේ සරාගී නිළි පූනම් පාන්ඩේ නර්ථන පුහුණුවීමක් සිදු කරන අතරතුරදී ආබාධයකට ලක්ව තිබෙනවා. එරට මාධ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ Helen චිත්‍රපටයේ ගීතයක් වෙනුවෙන් පූනම් මෙම පුහුණුවීම සිදුකරමින් සිටියදි ආබාධයට ලක්ව ඇති බවයි. උස් පාවහන් යුගලයක් පැළද ‘බැලේ’ නර්ථනයක් සිදුකරමින් සිටි ඇය එකවර ඇද වැටී තිබෙනවා. එම අනතුරින් පූනම්ගේ පසුපස පෙදෙස සහ පිට කොදු පෙදෙස ආබාධයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් Helen චිත්‍රපටයේ එම ගීතය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටියක මුදලක් වැය කරමින් එහි නිෂ්පාදක සුරේෂ් නකුම් විසින් මුම්බායි චිත්‍රාගාරයේ සකස් කර තිබූ පසුබිම් තලය සහ එම චිත්‍රගාරය වෙනුවෙන් වෙන් කර තිබූ දිනය ද අවලංගු කිරීමට සිදුව තිබෙනවා. මෙමගින් එම චිත්‍රපට කණ්ඩායම ද දැඩි සිත්තැවුලට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ නමුත් මේ මස අවසානයේදි හෝ ලබන මස මුල මෙම චිත්‍රපටයේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.