FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩයේ සුරූපී නිළියක් පිළිකාවට ගොදුරු වෙයි…

බොලිවුඩයේ ජනප්‍රිය නිළි සොනාලි බෙන්ඩ්රේ සිය රසිකයින් වෙත ට්ව්ට්ර් හා ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල හරහා පණිවිඩයක් තබමින් දන්වා සිටින්නේ බලාපොරොත්තු නොවූ මොහොතක තමන් පිළිකා රෝගයකට ගොදුරුවී ඇති බවයි.
තමන් මේ වන විටත් පිළිකා රෝගය සඳහා අමෙරිකාවේ නිව් යෝර්ක් හිදී ප්‍රතිකාර ලබා ගැනීම අරඹා ඇති බවත් මේ අවස්ථාවේදී පවුලේ අය සහ ලගම හිතවතුන් තමන් වටා රැසී සිටින බවත් ඇය සිය නිවේදනයෙන් දක්වා තිබුණි.
මෙවැනි අවස්ථාවලදී කරන්නට තිබෙන්නේ ඉක්මනින් අවශ්‍ය හොදම දේ කිරීමට බවත් ඇය සමාජ මාධ්‍ය ජාල හරහා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
1994 වසරේදී ඉන්දියානු සිනමාවට පිවිසි සොනාලි බෙන්ඩ්රේ ගේ පළමු චිත්‍රපටය වුයේ Aag වන අතර එම චිත්‍රපටය වෙනුවෙන් ඇයට හොදම නවක නිළිය සඳහා වන ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමිවිය.
මිට අමතරව අමීර් ඛාන් සමග Sarfarosh, අමිතාබ් බච්චන් සහ අජේ දේව්ගන් සමග Major Saab, ෂාරුක් ඛාන් සමග  Duplicate සහ Kal Ho Naa Ho ඇතුළු චිත්‍රපට රැසකට සොනාලි බෙන්ඩ්රේ සිය රංගන දායකත්වය ලබාදී තිබේ.
හින්දි සිනමාවට අමතරව දමිල, තෙලිඟු චිත්‍රපට රාශියකද සොනාලි බෙන්ඩ්රේ රඟපා ඇති අතර 2004 වසරේදී සිය පළමු දරුවා බිහිකිරීමෙන් අනතුරුව චිත්‍රපට රංගනයෙන් තාවකාලිකව ඉවත් විය.