FAST NEWS

24×7 Around the Globe

ස්වීඩනය හා එංගලන්තයත් අර්ධ අවසන් පුර්ව වටයට…

ස්විස්ටර්ලන්තය සමඟ ඊයේ (03) පැවති තරඟය ජය ගනිමින් ස්වීඩනය මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගනු ලැබීය.
තියුණු තරගයකින් අනතුරුව ස්වීඩනය මෙම තරඟය ජය ගත්තේ ගෝල එකට බිංදුවක් ලෙසයි.
මීට අමතරව එංගලන්ත කණ්ඩායම හා කොළොම්බියා කණ්ඩායම අතර පැවති තරගයෙන් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඒ කොළොම්බියා කණ්ඩායම දඬුවම් පහර වටයකින් පරාජයට පත්කරමිනි.
එංගලන්ත පාපන්දු ඉතිහාසයේදී ප්‍රධාන පෙළේ පාපන්දු තරගාවලියන්හිදී ඔවුන්ට දඬුවම් පහර වටයන්හි ජය ගැනීමට හැකිව තිබෙන්නේ සුළු වශයෙනි. කෙසේ වෙතත් ඊයේ (03) රුසියාවේදී එම තත්ත්වයෙන් මිදීමට එංගලන්තය සමත්විය.
එංගලන්තය ලෝක කුසලාන තරගාවයේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවේ 2006 වසරෙන් පසුවය.