FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානය ගැන අනාවැකි කී ජපානයේ බූවල්ලා මරා දමයි…

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තරග ජයගන්නා කණ්ඩායම් පිළිබඳව අනාවැකි කී සතුන් පිළිබඳව විවධ තොරතුරු වාර්තා වූ අතර ජපානයෙන්ද නිවැරදි අනාවැකි පළ කළ බූවල්ලෙක් පිළිබදව තොරතුරු වාර්තා වෙයි.
ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සහභාගි වූ තරග වූ ක්‍රෝඒෂියාවට එරෙහි තරගය ජය ගන්නා බවත්, සෙනගාලයට එරෙහි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන බවත් පෝලන්තයට එරෙහි තරගය පරජය වන බවටත් නිවැරදි අනාවැකි පළකිරීමට මෙම බූවල්ලා සමත්වූ තිබුණි.
ආහාර පිරවූ භාජන වලට කොඩි දමා බූවල්ලා ජලය පිරවූ භාජනයක් තුළට දමන අතර බූවල්ලා මුලින්ම ආහාර ගන්නා කණ්ඩායම ජයග්‍රහණය කළේය.
කිමියෝ අබේ නම් මෙම බූවල්ලාගේ හිමිකරු තීරණය කර ඇත්තේ ජපානය පිළුමලුන් පිටු දැකීමේ වටයේ තරගය ක්‍රීඩා කරනවාට වඩා තම ව්‍යාපාරය වැදගත් බවයි. ඒ් අනුව බූවල්ලා මරා ‌අළෙවිය සඳහා ඉදිරිපත් කර ඇත.