FAST NEWS

24×7 Around the Globe

අභාවප්‍රාප්ත වූ රෝයිද සිල්වා මහතාගේ දේහයට ජනපතිගේ අවසන් ගෞරවය..

හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ අළුයම (01) අභාවප්‍රාප්ත වූ ප්‍රවීන සිනමා නළු, චිත්‍රපට අධ්‍යක්‍ෂ රෝයි ද සිල්වාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (02) අවසන් ගෞරව දක්වනු ලැබුවේය.
දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල් ශාලාවේදී ජනාධිපතිවරයා විසින් අවසන් ගෞරව දැක්වූ අතර ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ නිළි සුමනා අමරසිංහ වෙත සිය ශෝකය ප්‍රකාශ කර ඇත.
අභාවප්‍රාප්ත රෝයි ද සිල්වාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව ඇත.