ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර විස්සයි-20 තරග කාණ්ඩයේ නිත්‍ය නායක ලෙස ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා බංග්ලාදේශය සංචාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමීන් ප්‍රකාශ කළේය.
එසේම මෙම තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු වු චන්දික හතුරුසිංහ මහතාද මෙහිදි අදහස් දක්වා සිටියේය.
” ප්ලේයස්ලා එක්ක ඉස්සරහට යනකොට ක්මියුනිකේශන් එක අපි ගොඩක් කතා කරා ..මොනවද ඒගොල්ලන්ගේ කාර්යභාරය වෙන්නේ..කොහොමද ඒ ගොල්ලෝ පර්පෝම් කරන්න ඕනේ ..බය නැතුව ගිහිල්ලා තමන්ගේ දක්ෂතාවය පෙන්නන්න අව්ට්කම් එක ගැන හිතන්නැතුව ..මන් හිතන්නේ ඒක තමයි ගොඩක්ම හේතු වුණේ මේ කණ්ඩායමට දක්ෂතාවය දක්වන්න..ඇත්තටම මං බැට් කරේ නෑනේ ..මේ ගොල්ලො තමයි ගැහුවේ..මං හිතන්නෑ මගෙන් එච්චර දෙයක් වුණා කියලා ..මේ ගොල්ලෝ හොදට සෙල්ලන් කරා..ඒක තමයි හේතු වුණේ දිනන්න…”
DE සිල්වා








