FAST NEWS

24×7 Around the Globe

දෙවැන්නත් ශ්‍රී ලංකාව ජය ගනියි – තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට..

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ (18) පැවති දෙවන් සහ අවසන් පන්දුවාර විස්සයි – 20 තරඟය ලකුණු 75 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශයේ ආරාධයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 210ක් රැස් කළේය.
මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැලුණු කුසල් මෙන්ඩිස් ලකුණු 70 ක් හා ධනුෂ්ක ගුණතිලක ලකුණු 42 ක් රැස් කළහ.
එ අනුව ලකුණු 211 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 03 ක් තුල සියළු ක්‍රීඩකයින් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 135 ක් පමණි.
පන්දු යැවීමේදී ෂෙහාන් මධුසංක හා ධනුෂ්ක ගුණතිලක කඩුලු 02 ක් බැගින් බිඳ දැමීමට සමත් වුහ.
මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවති පන්දුවාර 20 තරඟාවලියේ ජය තරඟ දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව හිමිකර ගැනීමට සමත් විය.
ලකුණූ පුවරුව…

 

DE සිල්වා