FAST NEWS

24×7 Around the Globe

 ඇෆ්ගනිස්‌ථානය අභිබවා යෑමට ශ්‍රී ලංකාවට වරම්..

ශ්‍රී ලංකාව  හා බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත විස්‌සයි-20 තරගාවලියේ පළමු තරගය අද (15) ඩකා හි පිහිටි ෂෙයා බංග්ලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් ප.ව.4.00 ට ආරම්භ වීමට නියමිතය.
 ශ්‍රී ලංකාව සමග විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 88 ක්‌ බැගින් ලබා සම තත්ත්වයට පැමිණ සිටින ඇෆ්ගනිස්‌ථානයට වඩා ඉදිරියට පැමිණීමට නම් ශ්‍රී ලංකාව මෙම තරග දෙකම ජය ගත යුතුවේ.
එ අනුව තරගාවලිය 1-1 ක්‌ ලෙස සම වුවහොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව (88) වෙනසක්‌ නොවන අතර තරග 2-0 ක්‌ වශයෙන් ජය ගතහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 91 දක්‌වා ඉහළ යනු ඇත.
යම් හෙයකින් තරගාවලිය පරාජයට පත්වුවහොත් විස්‌සයි විස්‌ස ශ්‍රේණිය ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 84 ක්‌ දක්‌වා අඩු වන අතර එවිට ඇෆ්ගනිස්‌ථානයට වඩා පසුපසින් ශ්‍රේණිගත වීමට ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වරට සිදුවේ.
  බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක්‌ පැවැති විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරග හතෙන් පහක්‌ම ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර තරග දෙකක්‌ පමණක්‌ බංග්ලාදේශය ජය ගෙන තිබේ.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ සහභාගි වූ විස්‌සයි විස්‌ස තරග 15 කින් දහයක්‌ පරාජයට පත්වූ අතර ජය ගත්තේ තරග පහක්‌ පමණි.
බංග්ලාදේශය එම වසරේදී සහභාගි වූ විස්‌සයි විස්‌ස තරග හතකින් ජය ගෙන ඇත්තේ එක්‌ තරගයක්‌ පමණි.