FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග විස්සයි -20 සටනට බංග්ලාදේශයෙන් නව නායකයෙක්..

බංග්ලාදේශ පන්දුවාර  විස්සයි -20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ශකිබ් අල් හසන් අබාධයක් හේතුවෙන්, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හෙට (15) පැවැත්වෙන පළමු තරඟයට සහභාගී නොවීම හේතුවෙන් මොහොමඩ් මහමදුල්ලාට එම වගකීම පැවරීමට තීරණය කළ බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් තරඟයේදී ඇඟිල්ලේ සිදුවූ අබාධයක් හේතුවෙන් ශකිබ් මෙලෙස අබාධයකට ලක් විය.
එ අනුව හෙට ආරම්භ පළමු තරඟය සඳහා ශකිබ් වෙනුවට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක නස්මුල් ඉස්ලාම් බංග්ලාදේශ සංචිතයට කැඳවා ඇති තිබේ.
බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතය පහතින්.
මහමදුල්ලා (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍ය සකාර්, මුෂ්ෆිකර් රහීම්, සබීර් රෙහෙමාන්, මුස්තෆිසුර් රහමන්, රුබෙල් හසන්, මොහොමඩ් සයිෆුඩින්,අබු හයිඩර්, අබුජෙයිඩ්, රිෆුල් හක්, මෙහෙදී හසන්, සකීර් හසන්, අෆීෆ් හුසේන්, නස්මුල් ඉස්ලාම්

DE සිල්වා