FAST NEWS

24×7 Around the Globe

ජැක්මන් වුල්වරින්ගෙන් රසිකයින්ට ආරාධනාවක්.

වසර 2017 දී තිරගත වීමට නියමිත වුල්වරින් 3 චිත්‍රපටය හියු ජැක්මන් වුල්වරින් චරිතය සඳහා දායක වන අවසන් අවස්ථාව බව අප මීට පෙර වාර්තා කළා ඔබට මතක ඇති.

ඊයේ (28) ට්විටර් පණිවිඩයක් නිකුත් කළ හියු ජැක්මන් එම චරිතය සඳහා රසිකයින්ගේ අදහස්ද ඉදිරිපත් කරන ලෙස පවසා තිබේ.

එම ට්විටර් පණිවිඩයේ දැක්වෙන අන්දමට ඔහු අවසන් චිත්‍රපටයට එක්විය යුත්තේ මොනවාදැයි රසිකයින්ගෙන් විමසමින් ඒ පිළිබඳ අදහසක් වචන 50කට අඩුවෙන් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබේ.

පෙර වුල්වරින් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ජේම්ස් මැන්ගෝල්ඩ් අවසන් චිත්‍රපටය සඳහාද දායක වීමට නියමිත වන අතර එය ‘ඕල්ඩ් මෑන් ලෝගන්’ නැමති චිත්‍රකතාව ආශ්‍රයෙන් නිර්මාණය වන බව පැවසේ.

එමෙන්ම වුල්වරින්ගේ රසිකයින්ට 2016දී තිරගත වීමට නියමිත එක්ස් මෙන්: අැපොකැලිප්ස් චිත්‍රපටය හරහ ඔහුව දැකගැනීමට ලැබෙනවා ඇත.