FAST NEWS

24×7 Around the Globe

‘ෆිල්ම් ෆෙයාර්’ හොඳම නළුවා සහ නිළිය – ඉර්ෆාන් හා විද්‍යා

ජනවාරි 20 වැනිදා පැවති ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී වසරේ හොඳම නළුවා ලෙස ‘හින්දි මිඩියම්’ චිත්‍රපටයේ රඟපෑ ඉර්ෆාන් ඛාන්ද, හොඳම නිළිය ලෙස ‘තුමාරි සූලු’ චිත්‍රපටයේ රඟපෑ විද්‍යා බාලන්ද සම්මාන දිනා ගැනීමට සමත් විය.

ඉර්ෆාන් මීට පෙර අවස්ථාව කිහිපයකදීම ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී වසරේ හොඳම නළුවා ලෙස නිර්දේශ වූවද ඔහු පළමු වතාවට මෙසේ හොඳම නළුවා ලෙස පිදුම් ලැබීම විශේෂත්වයකි.

එහෙත්, ඔහු මීට පෙර හොඳම නළුවා ලෙස විචාරක සම්මාන කිහිප වරක් ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී දිනා ගැනීමට සමත් විය.

විදයා හොඳම නිළිය ලෙස සම්මාන දිනාගනු ලැබුවේ සිවුවැනි වතාවටය. ඇය මීට පෙර ‘පා’, ‘ද ඩර්ටි පික්චර්’ හා ‘ කහානි’ චිත්‍රපට තුළින් හොඳම නිළිය ලෙස ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන දිනා ගැනිමට සමත් විය.