FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව පරාජය කළ සිම්බාබ්වේ වාර්තා පොත අලුතින් ලියයි..

ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 12 කින් ඊයේ (17) ලැබු තියුණු ජයග‍්‍රහණය කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්ව තිබේ.

එ අනුව විදේශිය රටකදී ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලැබූ රටක් සිම්බාබ්වේ කණ්ඩායම මෙලෙස පරාජය කර ඇත්තේ වසර 15 කට පමණ පසුව වීම විශේෂත්වයක් වෙයි.

එසේම පිටපිට තරග 03 කදී සිම්බාබ්වේ කණ්ඩායම විසින් ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජයට පත් කළ ඉතිහාසයේ පළමු අවස්ථාවද මෙය විමද විශේෂත්වයකි.

ඊට හේතුව වුයේ මීන් පෙර ශී‍්‍ර ලංකා සංචාරයේ අවසන් තරග දෙක ජය ගත්තේ ද සිම්බාබ්වේ කණ්ඩායම විමයි.

DDE සිල්වා