FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සහභාගි වන තුන්කෙ⁣ාන් එක්දින සටන අද ඇරඹෙයි..

ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (15) ආරම්භ වෙයි.

තරඟාවලියේ පළමු තරඟය බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද මීර්පූර්හිදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය අනිද්දා (18) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙයි.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය මෙයයි