සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 05ක් දවා ගැනීමත් සමඟ ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණට පැමිණීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා සමත්ව තිබේ.
ඒ අනුව ඉන්දියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයට පෙර තෙවැනි ස්ථානයේ පසුවූ කගිසෝ රබාඩා මේ වනවිට ශ්‍රේණිගත ලකුණු 888ක් ලබා පළමු ස්ථානයට පැමිණීමට සමත්ව ඇත.
එහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ශ්‍රේණිගත ලකුණු 887ක් හා 861ක් ලබා සිටින එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන්ට හා ඉන්දියාවේ රවීන්ද්‍ර ජදේජාට හිමිව තිබේ.
කෙසේ වෙතත් පසුගිය සතියේදී ශ්‍රේණිගත ලකුණු 799ක් ලබා 6 වැනි ස්ථානයේ පසුවූ රංගන හේරත් මේ වනවිට එක් පියවරක් පසුපසට පැමීණ තිබේ.
DE සිල්වා









