FAST NEWS

24×7 Around the Globe

ආසියානු සාම සිනමා උළෙල සඳහා නිර්මාණ බාර ගැනේ..

Asia Peace Film festival (ආසියානු සාම සිනමා උළෙල) සඳහා නිර්මාණ සඳහා අයදුම්කරුවන්ගේ නිර්මාණ බාර ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ.

නිදහස් සිනමාකරුවන් සහ සිනමාව හදාරන සිසුන්ට ඔවුන්ගේ නිර්මාණ දැන් යොමුකළ හැකිය.

කාණ්ඩ තුනක් යටතේ නිර්මාණ සඳහා ඇගයීම සිදු කෙරෙන බව සංවිධායකයින් නිවේදනය කොට ඇත.

කෙටි චිත්‍රපට, ත්‍රිමාණ සජීවිකරණ සහ වාර්තා චිත්‍රපට යන අංශ තුන යටතේ සිනමාපට ඇගයීම සිදු කෙරෙන අතර සාමය, සංස්කෘතිය, පෞරාණික සාධක, විවිධත්වය, වැනි තේමාවන් යටතේ නිර්මාණ යොමුකළ හැකිය.

එක අධ්‍යක්ෂවරයකුට එක් නිර්මාණයක් පමණක් මේ සඳහා යොමුකල හැකි වන අතර නිර්මාණකරුවන්ට වඩා පහසු වන ඕනෑම භාෂාවකින් නිර්මාණ ඉදිරිපත් කළ හැකි නමුත් ඉංග්‍රීසි උප සිරැසි තිබීම අනිවාර්ය වන බවත් ඔවුන් නිවේදනය කොට තිබේ.

වසර දෙකකට පෙර නිර්මාණය කළ නිර්මාණ බාර ගැනීමත් සිදු නොකරන බව සිනමා උළෙල අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කොට තිබෙන අතර 2018 පෙබරවාරි මස 15 වැනිදායින් නිර්මාණ බාර ගැනීම අවසන් කෙරෙයි.

https:filmfreeway.com/AsiaPeaceFilmFestivalKarachiEdition මගින් නිර්මාණ යොමුකළ හැකිය.