FAST NEWS

24×7 Around the Globe

සල්මාන්ට ගෙවුණු වසර සාර්ථක මෙන්ම අසාර්ථක වසරක් වෙයි..

බොලිවුඩයේ කිරුළ නොපළන් රජුන් ලෙස සැලකෙන සල්මාන්ට ගෙවුණු වසරේ සාර්ථක මෙන්ම අසාර්ථක වසරක් ද වී ඇති බව වාර්තා වෙයි.

ඔහු ගෙවුණු වසරේ රඟපෑ ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටය ආදායම් උපයාගැනීම අතින් අසාර්ථක වූ අතර, සල්මාන් ඛාන්ට ඉන් පාඩු වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 30ක් බවද සඳහන්ය.

කෙසේ වෙතත්, වසර අවසානයේ නැවතත් ඔහු අතිසාර්ථක නළුවෙකු බවට පත් වූයේ ඔහු රඟපෑ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 300ක ආදායමක් උපයා ගැනීමත් සමගය.