FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් සහ ආර්යා මෙලානියාගේ අනුග්‍රහයෙන් සාදයක් පැවැත්වෙයි..

2017 වසර අවසන් කරමින්, නව වසර පිළිගැනීම නිමිත්තෙන් විශේෂ සාදයක් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යා මෙලානියාගේ අනුග්‍රහයෙන් ෆ්ලොරීඩාවේ මාර් අ ලාගෝහි පිහිටි ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයේ දී පැවැත්වූ බව විදෙස්මාධ්‍ය පවසයි.

ට්‍රම්ප්, මෙලානියා සමඟ පුතු බැරැන් පමණක් නොව, ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය ඉවන්කා සහ ඇගේ පවුලේ සාමාජිකයෝ ද සාදයට සහභාගී වූ බව සදහන්ය.

ට්‍රම්ප් පරිපාලනයේ සැවොම ආරාධිත අමුත්තන් ලෙස සාදයට පැමිණ සිටි බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.