FAST NEWS

24×7 Around the Globe

නිව්යෝර්ක් නගරයේ ගොඩනැගිල්ලක ගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට..

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස්මාධ්‍ය පවසයි.

නිව්යෝර්ක් නගරයේ නිවාස සංකීර්ණයක ගින්න හටගෙන ඇති බවත් මියගිය දොළොස්දෙනා අතර කුඩා දරුවෙකු ද සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කරන ලදි.

සීත කාලගුණය හේතුවෙන් ගින්න පැතිර යාම වළක්වා ගැනීම පහසුවී තිබෙන බව වාර්තා වෙයි.

 

C.Rodrigo