FAST NEWS

24×7 Around the Globe

PHI නිල ඇදුම් වලත් වෙනසක්..

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇදුම වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇත.

ඒ සදහා නව යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගම් වලට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

නවීන කාලයට උචිත අයුරින් නිල ඇදුම වෙනස් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී ඇති අතර නිල ඇදුම වෙනස් කිරිම පිළිබදව වෘත්තීය සමිති යෝජනා ලැබුන පසු යළි සාකච්ඡාවක් පවත්වා අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.