තිළිණිගේ හඬපට රැසක් අසාද් සාලි ගෙන් CIDයට

තිළිණිගේ හඬපට රැසක් අසාද් සාලි ගෙන් CIDයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් මහ පරිමාණ රහස් මූල්‍ය ගනුදෙනුවලට සම්බන්ධ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි සහ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධනගේ හඬපට 30ක් ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

ඔහු වැඩිදුරටත් මාධ්‍යට ප්‍රකාශ කළේ පසුගිය ඔක්තෝබර් 05 වැනිදා අත්අඩංගුවට ගත් තිලිණි ප්‍රියමාලි සිදුකර තිබෙන මූල්‍ය ගනුදෙනු රැසකට අදාළව ඉකුත් මැයි 03 වැනිදා දක්වා හඬපට විමර්ශන කටයුතු සඳහා භාරදුන් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ නමක් සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියකු මාධ්‍යට හෙළිකරේ දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාරට අයත් බව කියන පිළිමතලාවේ නිවසක්ද පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එහි තිබී රන් ආලේපිත කුට්ටි තොගයක්ද සොයාගත් බවයි.

කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් භාණ්ඩ මිලදී ගෙන රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුත් අගරු චෙක්පතක් ලබාදී ඇති බැවින් මහර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (26 ) නියෝග කළේ තිලිණි ප්‍රියමාලි ලබන මස 09 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.